වන්දි ගැන ජනපතිගේ තීන්දුව වෙනස්වෙන හැඩ

the rise of anura kumara dissanayake

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ වශයෙන් හානියට පත්වූ නිවසක් වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් කාණ්ඩ 4ක් යටතේ ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ඉහතදී පවසා තිබූ අතර එම තීන්දුවේ වෙනසක් සිදුව ඇත.

ඒ අනුව, අර්ධ වශයෙන් හානි වූ නිවාසවලට සිදුවූ හානිය තක්සේරු නොකර වන්දි මුදල් ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නන්ට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

නිවාසවලට සිදුවූ හානිය තක්සේරු කර අදාළ වන්දි මුදල් ලබා ගැනීමට කැමත්තක් දක්වන පුද්ගලයන්ට තක්සේරු කිරීමෙන් පසුව උපරිම රුපියල් ලක්ෂ 25කට යටත්ව වන්දි ලබා දෙන බවත් වාර්තා වේ.රජයේ බලධාරීන් විසින් නිවසට අර්ධ හානි සිදුව ඇති බවට තහවුරු කරන ලද නිවාස හිමියන්ට මෙලෙස තක්සේරු නොකර රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දෙන අතර එය ලබා ගන්නා පුද්ගලයන්ට එම හානිය වෙනුවෙන් නැවත වන්දි ලබා දීමක් සිදු නොකරන බව පැවසේ.