අගමැතිනී හරිනි අමරසූරියට එරෙහිව විවිධ පාර්ශව වලින් කැරැල්ලක් නිර්මාණය වී ඇති බව වාර්තාවන අතර ඊට එරෙහිව ඇය වෙනුවෙන් මතවාද රැල්ලක් නිර්මාණය වෙමින් තිබේ.ඇතැම් පාදඩ ස්ත්‍රීන් සහ ගඩොල් බාග වැනි පුරුෂයන් ස්ත්‍රී ආත්මයකට කරන නින්දා අබිමුව අචංචලව සිනාසෙන ගැහැනියකි ඇය. ‘ඇතැම් පාදඩ ස්ත්‍රීන් සහ ගඩොල් බාග වැනි පුරුෂයන් ස්ත්‍රී ආත්මයකට කරන නින්දා අබිමුව අචංචලව සිනාසෙන ගැහැනියකි ඇය’ යනුවෙන්ෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර පවසයි. මේ අතර විචාරක වංගීෂ සුමනසේකර මෙවැනි සටහනක් තබා ඇත.
හරිනි ආරක්ෂා කරගමු.
===============
හරිනි අමරසූරිය සහෝදරිය ඉලක්ක කරගෙන එල්ල වන අවලස්සන සහ සාහසික අපහාසයට එරෙහිව පොදු හඩක් නැගිය යුතු වනවා කියා සිතමි. ඇයගේ ලිංගික ජීවිතය පිළිබඳව පැතිර ඇති පට්ටපල් බොරුවල සිට ඊනියා සමලිංගික ගෝලීය කුමන්ත්‍රණ ගැන තිබෙන අඥාන බුද්ධිහීන අදහස් දක්වා පරාසයකට මේ අපහාස ඇතුලත් වෙයි.
මේ ආකාරයේ බුද්ධිහීන කුමන්ත්‍රණ න්‍යායන් අවසානයේදී අත වනන්නේ වාර්ගික අන්තවාදී දේශපාලනයට කියා අපි දනිමු. සුපුරුදු ලෙසම දැන් ඒ වාර්ගික අන්තවාදීන් මේ පදනම් විරහිත නූගත් අදහස් සමාජයේ පැතිවරවීමට පෙරමුණ ගෙන තිබේ. මෙය වර්ධනය වීමට ඉඩ දෙනවා යනු අවසානයේදී මේ ආණ්ඩුවට එරෙහිව මේ පරාජිත බලවේග ඉදිරියට පැමිණෙනවා යන්නයි.
හරිනි අමරසූරිය සහෝදරිය ඉලක්ක කරෙගන පතුරවන මේ අශ්ලීල මඩ ව්‍යාපාරයට එරෙහිව ඇයව ආරක්ෂා කරගත යුත්තේ මේ නිසාය. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි නීතියක් තිබෙන්නේ නම් ඒවා මේ මොහොතේදී අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතුය. නියපොත්තෙන් කඩන්න තිබෙන දෙය චේන්සෝ එකකින් කැපිය යුතු තරම් වර්ධනය වීමට ඉඩ දීම නැවැත්විය යුතුය.