වෙනිසියුලාවේ කැරකස් (Caracas) අගනුවර ආශ්‍රිතව සිදුවූ පිපිරීම් සහ ගුවන් හමුදා මෙහෙයුම් මධ්‍යයේ, එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරය සම්බන්ධයෙන් අසල්වැසි රටවල් වන කියුබාව සහ කොලොම්බියාව මේ වන විට දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
සෙනසුරාදා උදෑසන කැරකස් (Caracas) අගනුවරින් වාර්තා වූ පිපිරීම් සහ යුද ගුවන් යානා ක්‍රියාකාරකම් හමුවේ වෙනිසියුලා රජය ප්‍රකාශ කළේ තමන් “බරපතල මිලිටරි ආක්‍රමණයකට” ගොදුරු වී ඇති බවත් සිවිල් සහ හමුදා ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල වී ඇති බවත්ය.
මේ පිළිබඳව ඇමරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ
ඇමෙරිකානු හමුදා විසින් වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මැඩූරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රටින් පිටතට රැගෙන ගිය බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මැඩූරෝ රජයට එල්ල වී තිබූ චෝදනා මෙම ගැටුමට මුල පුරා ඇති බවත්ය.
මෙම අර්බුදය හමුවේ ජාත්‍යන්තරය දක්වන ප්‍රතිචාර
- කියුබාව: ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනෙල් (Miguel Diaz-Canel) මෙය හඳුන්වා දී ඇත්තේ “අපගේ කලාපයේ සාමයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයක්” සහ “රාජ්‍ය ත්රස්තවාදයක්” ලෙසයි. ජාත්‍යන්තර ප්‍රජාව මීට එරෙහිව වහා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු අවධාරණය කරයි.
- කොලොම්බියාව: ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ (Gustavo Petro) වඩාත් පරෙස්සම් සහගත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, කලාපයේ උත්සන්න වන යුදමය තත්ත්වය ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් සිවිල් ජනතාව අවදානමට ලක් කරන ඕනෑම ඒකපාර්ශ්වික යුද ක්‍රියාමාර්ගයක් තමන් ප්‍රතික්ෂේප කරන බවත්ය.
- බොලිවියාව: හිටපු ජනාධිපති එවෝ මොරාලෙස් (Evo Morales) මෙය “අධිරාජ්‍යවාදී ආක්‍රමණයක්” ලෙස හෙළා දකිමින් වෙනිසියුලාවේ ජනතාවට සහාය පළ කර තිබේ.
ලෝක ඉතිහාසය තුල ඇමරිකාව සිය බාරයට ගත තෙවැනි රාජ්‍ය නායකයා නිකලස් මැඩූරෝ වන අතර මීට පෙර ඉරාකයේ නායක සදාම් හුසේන් සහ පනමාවේ නායක නොරීගා ඇමරිකානු හමුදා මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.