රජයේ බුද්ධි අංශ, කුමන්ත්‍රණකරුවන් ලුහු බඳී

post u tube

ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ෂණයක් ආරම්භකර තිබේ. මෙම සිදුවීම කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව මූලික විමර්ෂනවලින් හෙලිවීමත් සමඟ මෙම විමර්ෂණය ආරම්භ වී ඇත.ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් කළ මූලික පරික්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබෙන බවත් පැවසේ.පරික්ෂණවලට සහය දැක්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ද, මේ වනවිට තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් වී ඇත.