නගරාධිපති මම්දානිගෙන් රජයට දැඩි විවේචන

Zohran Kwame Mamdani

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) අමෙරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගැනීම “යුද ක්‍රියාවක්” (Act of war) ලෙස හඳුන්වමින් නිව්යෝර්ක් නගරාධිපති සොරාන් මම්දානි (Zohran Mamdani) සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

‘X’ (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් නගරාධිපතිවරයා පවසා ඇත්තේ, මෙම ක්‍රියාව ස්වෛරී රාජ්‍යයකට එරෙහිව සිදුකළ ඒකපාර්ශ්වික ප්‍රහාරයක් බවත්, එය ෆෙඩරල් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවත්ය.

සොරාන් මම්දානිගේ ‘X’ පණිවුඩය

අමෙරිකානු හමුදා විසින් සිදුකළ මෙහෙයුමකින් වෙනිසියුලානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන නඩු විභාගයක් සඳහා නිව්යෝර්ක් නගරය වෙත රැගෙන ඒමට කටයුතු යොදා ඇති පසුබිමක මෙම ප්‍රකාශය සිදුකර තිබීම විශේෂත්වයකි.