බළංගොඩ නගර සහාපති කේ .ජී.පේමදාස මහතා (ජාතික ජන බලවේගය ) අද 06 දින මාසක සභා අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.සභාපතිවරයා කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි .අනතුරුව ඔහු ත්‍රිරෝද රියකින් පිටව යන අයුරු දැකගන්නට ලැබුණි.
මීට සතියකට පෙර මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ ජාතික ජන බලවේගයේ අසේල වික්‍රමාරච්චි මහතා එම තනතුරෙන් ඉවත් විය.ඔහුද කියා සිටියේ පෞද්ගලික හේතුමත ඉවත්වන බවයි.
කෙසේ වෙතත් තවත් ආරංචිමාර්ග වලින් කියවෙන්නේ පක්ෂයේ බලපෑම් අසාමාන්‍ය ලෙස සිදුවන නිසා බොහෝ දෙනෙකුට වැඩ කිරීම අපහසු බවයි.