සමන්ත විද්‍යාරත්නගෙන් විශේෂ දැනුම් දීමක්

Samantha Vidyaratne

වලපනේ ප්‍රදේශයේ අධිෂ්ඨානයේ මෙහෙයුම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දමා ඇති බව ප්‍රකාශ කරමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

අමත්‍යවරයා ප්‍රකාශ කරන්නේ

මේ දිනවල වර්ධනය වෙමින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද වන විට නිල්දණ්ඩාහින්න හා වලපනේ කොට්ඨාස සඳහා රතු නිවේදන නිකුත් කර ඇත. අද හා ඉදිරි දිනටත් අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එබැවින් 10 දිනට ආරම්භ කිරීමට නියමිත වූ වලපනේ අධිෂ්ඨානයේ මෙහෙයුම නැවත දිනයක් දැනුම් දෙනතුරු කල් දමනු ලැබේ.

සමන්ත විද්‍යාරත්න.