හිටපු අමාත්‍යවරයකු වන මනූෂ නානායක්කාර මේ දිනවල දැඩි නිහඬතාවයක සිටින අතර ආරංචි මාර්ග වලින් වාර්තා වන්නේ ඔහු තවත් දේශපාලන කරණමකට සූදානම් වෙමින් සිටින බවයි.
ඒ අනුව ඔහු නැවතත් සමගි ජන බල වේගය සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු සමග මේ දිනවල ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඉතා ඉක්මනින් සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව තීන්දුවක් ගැනීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තාවේ.
මීට පෙර ඔහු දේශපාලනය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයෙන් වන අතර ඉන් අනතුරුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය.ඊට පසු නැවත ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වූ අතර ඊට පසු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක් විය.ඊට පසු නැවතත් ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වූ අතර අරගලයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමගම එහි කැබිනට් අමාත්‍ය ධූරයකට පත්විය.
එක්සත් ජාතික පක්ෂයට එක් වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැඩි ලෙස විවේචනය කළ ඔහු පසුගිය මැතිවරණයෙන් පසු කෙටි කලක් නිහඩව සිටියේය.