සමගි වනිතා බලවේගයේ නීති ලේකම් ලෙස නීතිඥ කිංකිණී විලත්ගමුව නෙල්සන් මහත්මිය පත්කර තිබෙනවා.
ඇය සමගි ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතාගේ බිරිඳ වන අතර ඊයේ (09) දින ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙම පත්වීම ලබා තිබෙනවා.
කින්ස් නෙල්සන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇයට සුබපැතුම් එක්කර තිබේ,
”රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් වන්නටත්, නීතිමය වශයෙන් ඔවුන් ශක්තිමත් කරමින් සමගි ජන බලවේගයේ ඉදිරි ජයග්‍රාහී ගමනට සවියක් වීමටත් ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!”