නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදීය.


හිටපු අමාත්‍ය විමල් විරවංශ මීට පෙර දෙවතාවක් ආහාරපාන කිසිවක් නොගනිමින් අඛණ්ඩ උපවාස දෙකක නිරත වූ අතර එම උපවාස දෙකම ජයග්‍රහණයකින් තොරව අවසන් කිරීමට ඔහුට සිදුවිය.
වීරවංශ අමාත්‍යවරයෙකුව සිටිය දී පළමුවරට 2010 වසරේ ජූලි මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව ඉවත්කර ගන්නා තුරු මාරාන්තික උපවාසයක නිරතව සිටි අතර පසුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වතුර වීදුරුවක් පොවා උපවාසය අත්හරින්න යැයි කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් එම උපවාසය අවසන් කර තිබුනා.
2017 වසරේ දී රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 2017 මාර්තු 22 දින උදෑසන සිට සිය සිරමැදිරිය තුළ ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුනා. ඔහු එම උපවාසය ආරම්භ කර තිබුනේ දේශපාලන පළිගැනීමක් ලෙසින් මාස දෙකකට අධික කාලයක් තමන්ට ඇප ලබා නොදී රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළකිරමින්.