කොන්දේසි මල්ලක් අරන් IMF ලංකාවට!

imf sri lanka 782272

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය අවසන්ව ඇති අතර ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණි.එම රැස්වීම කල්දමනු ලැබුවේ ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන්ය.ශ්‍රී ලංකා රජය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තුමේන්තුව පිළිබදව ඔවුන් සාකච්ඡා කිරිමට බලාපොරෝත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.