ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව ත්‍රිකුණාමලය අධිකරණයේ විභාග කෙරෙන නඩුවක් සම්බන්ධයෙන් ඊයේ (14) පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට බන්ධනාගාරයෙන් දිවා ආහාරය සඳහා ලබාදෙන දාන වේල උන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළ පාර්ශ්වයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.