අම්ඹුලුවාව අධි අවධානම්

65971ed1 bd8b 4625 8e36 dce97c81c2ca

අම්ඹුලුවාවේ ස්ථාන කිහිපයක් නායයාමේ අධිඅවධානම් කලාපයක් ලෙස සලකා නිවාස 18ක වැසියන් වහාම ඉවත් කරන ලෙසත්, එම ප්‍රදේශ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවලින් තොර නායයාම් අධිසංවේදී කලාපයක් ලෙස සලකා සංරක්ෂණය කළ යුතු බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.

පොළවේ තිබුණු පැල්මක් නිරීක්ෂණය කළ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණ කණ්ඩායම එම පැල්ම දිගේ පහළට ගොස් එම ප්‍රදේශයේ නිවාස නිරීක්ෂණය කළ එම නිවාස 07ක් අධි අවධානම් කලාපයේ තිබෙන බවත්, නිවාස 06ක් මධ්‍ය අවධානම් කලාපයේ තිබෙන බවත් වාර්තා කර ඇති අතර,තවත් බෑවුමක පිහිටි පැලුම් කිහිපයක් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිරීක්ෂණය කළ අතර ඒ අනුව අම්බුළුවාව වත්තේකඩේ ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි 11ක් අධි අවධානම් කලාපයක පිහිටා ඇති බවත්, නිවාස 12ක් මධ්‍ය අවධානම් කලාපයක පිහිටා ඇති බවත් වාර්තා කර ඇත.