නික්ම යන චන්ග්ට ගම්මන්පිලගෙන් පීචං වැඩක්

Gammanpila

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් (Julie Chung) මහත්මිය සිය ධුර කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාම නිමිත්තෙන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (16) කිරිබත් අනුභව කරමින් එය සංකේතාත්මකව සමරනු ලැබීය.

සුබ කටයුත්තක් ආරම්භයේදී හෝ ජාතික උත්සවයකදී සිදු කරන මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය ඉටු කරමින් ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය:

තානාපතිනියගේ නික්ම යාම රටේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් සුබවාදී හැරවුම් ලක්ෂ්‍යයක් බව ඔහු පැවසීය. ඇයගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට පෙර නොවූ විරූ ලෙස ඇඟිලි ගැසීම් සිදු වූ බවට ඔහු චෝදනා කළේය.

2022 පෙබරවාරි මාසයේදී රාජකාරි ඇරඹූ තානාපතිනිය, වසර 4කට ආසන්න කාලයක් මෙරට සේවය කළ අතර ඇය අද දිවයිනෙන් පිටත්ව යනු ඇත.

නව තානාපතිවරයෙකු පැමිණෙන තෙක් නියෝජ්ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් (Jayne Howell) මහත්මිය තාවකාලික කාර්යභාර නිලධාරිනිය ලෙස කටයුතු කරනු ඇත.