මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම අරමුණු කරගත් “රටම එකට” ජාතික වැඩසටහන අද (16) පස්වරු 2.00 ට යාපනය තාක්ෂණික විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ වැඩසටහන පැවැත්වෙන අතර, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළට උතුරේ ජනතාවගේ සහාය ලබා ගැනීම මෙහි අරමුණයි.
ජනාධිපතිවරයා සිය දෙදින උතුරු පළාත් සංචාරය අතරතුර ඊයේ (15) යාපනයේ පැවති තෛපොංගල් උත්සවයට සහ අද උදෑසන චාවකච්චේරියේ පැවති නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ අවස්ථාවට ද එක්විය.