රනිල්ටයි,සජිත්ටයි සුදුසු තනතුරු චමින්ද්‍රානී කියයි

chamindrani 750x375

සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩ­න­ඟන සන්ධා­නයේ නාය­ක­ත්වය සජිත් ප්‍රේම­දාස මහ­තාට හිමි විය යුතු බව සමගි වනිතා බල­වේ­ගයේ ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රිනි චමි­න්ද්‍රානි කිරි­ඇල්ල මහ­ත්මිය පැව­සු­වාය.

ඇය මේ බව පැව­සුවේ මල්වතු මහ­නා­යක ස්වාමි­න්ද්‍ර­යන් වහන්සේ බැහැ­දැක ආශී­ර්වාද ගැනී­මෙන් පසු මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.

“පක්ෂ දෙකේ එක­තුව සඳහා වන මූලික සාකච්ඡා මේ වන විට සාර්ථ­කව සිදු වෙමින් පව­ති­නවා. හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා බොහෝ දුරට එහි උප­දේ­ශක ලෙස කට­යුතු කරයි. මේ වන විට පක්ෂ දෙක බිම් මට්ට­මින් එකතු වෙමින් තිබෙ­නවා. හරි වෙලා­වට ඉහළ නාය­ක­ත්වය එක­තු­වීම සිදු වෙයි. පසු­ගි­යදා විපක්ෂ නාය­ක­ව­ර­යාගේ උපන් දින උත්ස­ව­යට එජා­පයේ හිටපු මැති ඇමැ­ති­ව­රුන් සහ­භාගි වුණා. එය හොඳ ආර­ම්භ­යක්. විපක්ෂ නායක ලෙස කට­යුතු කරන සජිත් ප්‍රේම­දාස මහ­තාට මේ ගොඩ­නැ­ඟෙන සන්ධා­නයේ නාය­ක­ත්වය හිමි විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාව­රය. සක්‍රිය දේශ­පා­ල­නයේ නිරත වෙන්න බලා­පො­රො­ත්තු­වක් නැති බව හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කර තිබුණා. රට මේ අව­ස්ථාවේ ඉල්ලා සිටි­න්නෙත් තරුණ නාය­ක­ත්ව­යක්. ඉදි­රි­යේදී පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වු­වොත් මේ පක්ෂ දෙක එකතු වෙලා තරග කරයි.