රීබිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) නම් අරමුදලක් මේ වන විට රටේ නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ (ජන. 21) පැවසීය.
“මම ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් 159 දෙනාට ම අභියෝග කරනවා පුළුවන් නම් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල දැන් තියෙනවා ද නැද්ද කියලා කියන්න” යනුවෙන් මන්ත්‍රිවරයා සභාවේදී අභියෝග කළේ ය.
ඔහු පැවසුවේ “මම මුදල් කාරක සභාවේ සභාපති හැටියට මේක කියන්නේ. මේක ස්ථාපනය කරන්න කරුණාකරලා. නිකම් අරමුදලක් හදන්න බැහැ. රටේ නිත්‍යනුකූලව ව්‍යවස්ථාපිත අරමුදලක් විය යුතුයි” යනුවෙනි. මන්ත්‍රිවරයා මෙසේ ද කීය.
“දිට්වා ආපදාවෙන් පසු රී බිල්ඩින් ශ්‍රී ලංකා කියලා අරමුදලක් පිහිටෙව්වා. හානියට පත් අයටත් නැවත පදිංචි කර වන අයටත් එමෙන් ම කැඩිච්ච බිඳිච්ච යටිතල පහසුකම් නැවත හදන්නත්. මේ ඩොකියුමන්ට්ස් මම ටේබල් කරනවා. එකසිය පනස් දෙන නව දෙනාට ම මම අභියෝග කරනවා. රීබිල්ඩින් ශ්‍රී ලංකා ෆන්ඩ් අන්ඩර්ද ප්‍රෙසිඩන්ෂියල් සෙකටරියල් එක තියෙනවාද නැද්ද කියලා කියන්න කියලා. නැගිටලා කියන්න. මෙතැන ඇමතිත් නෑ. නියෝජ්‍ය ඇමතිත් නෑ. මම කියනවා එහෙම අරමුදලක් නෑ. පුළුවන් නම් අරමුදල තියෙනවා කියලා පෙන්නන්න කියලා මම අභියෝග කරනවා. මම තනි පුද්ගලයෙක්. අතීතයේ වැරදිච්ච ඒවා ගැන කියන්න ඕනෑ තරම් කතා කරන්න පුළුවන්. හැබැයි වර්තමානයේ අනාගතයේ මේ වැරැද්ද වෙන්න දෙන්න එපා. මම මුදල් කාරක සභාවේ සභාපති හැටියට මේක කියන්නේ. මේක ස්ථාපනය කරන්න කරුණාකරලා. නිකම් අරමුදලක් හදන්න බැහැ. රටේ නිත්‍යනුකූලව ව්‍යවස්ථාපිත අරමුදලක් විය යුතු යි.”