හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
දූෂණ චෝදනාවකට අදාළව පනවා තිබූ මෙම විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් නිකුත් කර තිබේ.
තම සේවාදායකයාට ආගමික වතාවත් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට අවශ්‍ය බවට ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ලබා දී ඇත.