ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. හෙළිදරව්වට අදාළව අතිවිශේෂ ලිපිගොනු කීපයක්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අතට පත්ව ඇති බවක්ද දැනගන්නට ඇත.
දැනටමත් එම ලිපිගොනුවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශන අවසන් කොට ඇති විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ තොරතුරු පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමටද කටයුතු කොට ඇති බවක් වාර්තා වේ.
ඒ අනුව, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ලිපිලේඛන සහිතව මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.