ගංගාරාමෙදී හරිනි හමුවූ සජිත් මහ රෑ රනිල් හමුවෙයි.(වීඩියෝ)

sajith 3 750x375

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්වීය.

ආගමික සංහිඳියාව, සංස්කෘතිය හා ජාතික උරුමයන් එකට බැඳුණු කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් මහා පෙරහැර දෙවැනි දිනටත් ඊයේ වීදි සංචාරය කරන ලදී.පසුගිය ජනවාරි 31 වැනි දින ආරම්භ වූ මෙහි දෙවැනි දිනය ලෙස ඊයේ දිනට යෙදී තිබූ නවම් පුරපසළොස්වක පොහෝ දින දෙස් විදෙස් අලංකාර සංස්කෘතික අංග රැසකින් වර්ණවත් වෙමින් වීදි සංචාරය කරනු ලැබීය.

මෙම ගෞරවනීය අවස්ථාවට කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්ගේ ආරාධනයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමටත් ගංගාරාම පෙරහැර නැරඹීමටත් එක්විය.

sajith 3 750x375

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස විශේෂ අවස්ථිවකට එක් විය.ඒ සමන් රත්නප්‍රියගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යට ය.එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද හමුවී ඇත.