නාමල්-ශිරන්ති සී අයි ඩි එයි

web (76) 825527

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

ඇයට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණද ශිරන්ති රාජපක්ෂ නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට ඇයට පැමිණිය නොහැකි බවත් ඇයට ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.