ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අත්හැර දමා තිබේ.
වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළේය.මේ අතර පසුගියදා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන් ජනාධිපතිවූ විට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳන බවට ලේවලින් අත්සන්කර දෙන බවයි.