පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද (03) පෙනී ශීරන්ති රාජපක්ෂ පැය 04කට පසු ඉන් පිටත්ව ගොස් තිබෙයි.
සිරිලිය ගිණුම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
ජනවාරි මස 27 වැනි දිනද ප්‍රකාශයක් දීමට ඇය අපරාධ පරීක්ෂණ දපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණ ද, ඇයගේ නීති උපදේශකයන් මාර්ගයෙන් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවෙන් එදින ඇය පෙනී සිටියේ නැත.
මේ අතර ඇයට ආධාර පිණිස පිරිසක් අද පැමිණ සිටියහ.
‘අපි ආවා කොළඹට- මේ කාගෙද බලවේගේ,මැඩම් ඔබතුමියගේ බලවේගේ’
‘යුද්දේ දිනවපු මහින්ද මහත්තයාගේ මාතාවට ජය වේවා’
‘අපි බය නෑ”
‘අපි ආවා”
“මං තමයි හයිවේ එක ඕපන් කරලා රිමන්ට් එකට ගියේ”’
‘ශ්‍රිරන්ති මැඩම්ට ජයවේවා’
වැනි ප්‍රකාශ ඔවුන් කරමින් සිටියහ.