සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සියලය (Indian Council for Cultural Relations – ICCR) වෙතින් ලද ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව වූහ.
මෙම සංචාරයේදී නවදිල්ලියට අමතරව ගුජරාට් හා කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඒ සමඟම ඉන්දියාවේ කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන නැරඹීමටද මෙහිදී කටයුතු යොදා ඇත.
මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණානාදන් ඉලන්කුමරන්, කිට්නන් සෙල්වරාජ්, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ හේමතිලක ගමගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.