කිසිඳු අධිකරණ නියෝගයකින් තොරව 2019 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704කට විදෙස් ගමන් තහනම් පැනවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති W තිලකරත්න අද පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති W තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුවයි.
2019 වසරේ නොවැම්බර් 25 වන දින ඔහු විසින් නිලධාරීන්ට පැනවූ විදෙස් ගමන් තහනම නිත්‍යානුකුලව සිදු කර නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.
කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ඔහු ඇප මත මුදාහැර ඇති අතර ගරු අධිකරණයෙන් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.