අනුරගෙන් ක්ෂණික ප්‍රතිචාර. පාකිස්ථාන අගමැතිට ස්තූති කරයි. 96 සිදුවීමක් නැවත සිහිපත් කරයි.

1742365493978

ඉන්දියාව සමග කොළඹදී තරඟ කිරීමට පාකිස්තානය තීරණය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්ථාන අගමැතිවරයාට සිය ස්තූතිය පලකර තිබේ. X පණිවිඩයක් තබමින් සිය ස්තූතිය පලකරන ජනාධිපතිවරයා. කොළඹදී පැවැත්වෙන T20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදි සිදුවීම ගැන සතුටුවන බව පවසයි.1996 ලෝක කුසලාන තරගාවලියේදී ආරක්ෂක හේතුමත ඇතැම් රටවල් ලංකාවට ඒම ප්‍රතික්ශේප කළ අවස්ථාවේ ඉන්දියාව සහ පාකිස්තානය යන දෙපාර්ශ්වයම ඒකාබද්ධ කණ්ඩායම් ලෙස පැමිණ පෙන්වූ සහයෝගීතාවය ශ්‍රී ලංකාව අමතක නොකරන බවත් ජනාධිපතිවරයා පවසයි.

whatsapp image 2026 02 10 at 12.09.04 am