අපිට නඩුවලට සම්බන්ධවෙන්න අමාරුයි… මහනාහිමිවරුන්ගෙන් දිලිත්ට උපදෙස්

බලන්ගොඩ කාශ්‍යප

නීතිය ක්‍රියාත්මක වීමේදී ඊට මැදිහත්විය නොහැකි බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසනවා උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතියට පිටින් යමක් සිදු වී ඇත්නම් වැරදිකරුවන්ට දඬුවම් ලැබිය යුතු බවයි.

“අධිකරණයේ පවතින නඩු වලට අපිට සම්බන්ධ වෙන්න අමාරුයි… ඒක නීතිවිරෝධී… අධිකරණයේ දී කියන දේ අහලා නඩුකාරවරු තීන්දුවක් දෙන්න ඕනෙ…එක තමයි නීතිය…
තව පැත්තක් තියනවා… හාමුදුරුවන් වහන්සේලා වැරද්දක් කලානම් දඬුවමක් ලැබෙන්න ඕනේ… එක නීතිය..
මම ඒවගේ විස්තර දන්නේ නෑ… ඉක්මනින් නඩු අහලා සංඝයාවහන්සේලා සහ අනෙකුත් අය නිදහස් කරනවානම් අපි කැමති…”

උන්වහන්සේලා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ත්‍රිකුණාමලයේ පන්සලක් ආශ්‍රිතව සිදු වූ ඉඩම් ආරවුල පිළිබඳව නායක ස්වාමින්වහන්සේලා දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විය බලන්ගොඩ කාශ්‍යප හිමි ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.