මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් වූ “රටම එකට” විශේෂ වැඩසටහන පැවැත්වීම සඳහා අද (11) නුවරඑලියට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් වතු ජනතාවගේ සුබසාධනය සඳහා වූ වැඩසටහන් කිහිපයකට එක්විය.
අද උදෑසන නානුඔය, රදැල්ල කෙටි මාර්ගය අසලදී වතු කම්කරුවන් හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය. එහිදී තම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර, ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාව ඇගයීමට ලක් කළේය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන අද පස්වරු 2.30ට නුවරඑළිය නගරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මලෛගම් ජනතාව මුහුණ දී සිටින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර, ඔවුන් සමාජීය හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා සියලු පාර්ශ්ව ඒකාබද්ධ වූ පුළුල් යාන්ත්‍රණයක් මෙහිදී හඳුන්වා දෙනු ඇත.
