ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ අධ්‍යක්ෂවරිය වන මියුන්ග්සූ හෝ (Myoung-soo Ho) මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (11) දින අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.





ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහය අඛණ්ඩව ලබා දෙන බව මෙහිදී තහවුරු විය.
අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක වර්ධනය සහ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර මෙරට සමාජ-ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්රමුඛ පෙළේ ව්‍යාපෘති සඳහා ඉදිරියේදී ලබා දිය හැකි මූල්‍ය සහ තාක්ෂණික සහයෝගය සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශවය අතර සාකච්ඡාවිය.