අල්ලස් ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ගුරු උපදේශක අත්අඩංගුවට

දෙහිඅත්තකණ්ඩිය


රුපියල් 50,000ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ එම කාර්යාලයට අනුයුක්ත ගුරු උපදේශකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

සේවය හැර ගොස් සිට නැවත සේවයට එක් වූ පුද්ගලයෙකුගේ පත්වීම් කාලය දීර්ඝ කර දීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදීම මෙම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.