ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(11) දින උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වීය.කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණිමත් සමගම වතු කම්කරු ජනතාව ප්‍රීතියට පත්ව උණුසුම් අයුරින් පිලි ගනු ලැබීය. අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කරනු ලැබීය.
මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක මහතා තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.




