නව ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා සහ යුරෝපා සංගමය අතර සාකච්ඡාවක්

ත්‍රස්ත විරෝධී පනත

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සහ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විය.

නව පනත සකස් කිරීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

යෝජිත මෙම නව පනත හරහා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කරන අතරම, පුද්ගල නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය නොවිය යුතු බව යුරෝපා නියෝජිතයෝ පෙන්වා දුන් අතර පනතේ අන්තර්ගතය ශ්‍රී ලංකාවට හිමිවන GSP+ බදු සහනය ඇතුළු ජාත්‍යන්තර සබඳතාවලට බලපාන ආකාරය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

631642900 1333471525482279 1976746575295403683 n

මෙම සාකච්ඡාවට යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා හා පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාවෝලා පම්පලෝනි Ms. Paola Pampaloni, (Acting Managing Director for Asia and the Pacific in the European External Action Service, EU co-chair of the Joint Commission ), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාමෙන් මොරේනෝ ( Ms. Carmen Moreno, EU Ambassador, Head of EU Delegation Colombo), යුරෝපා කොමිසමේ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ INTPA අධ්‍යක්ෂ ජනරාල් හා මැදපෙරදිග/ගල්ෆ්, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව යන අංශවල වැඩබලන ප්‍රධානී ජෑන් හොස්කින්ස් ,(Mr. Jan Hoskins, Acting Head of Unit Middle East /Gulf, Central Asia, South Asia, DG INTPA, European Commission, co-chair of the Working Group on Development Cooperation), කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ දේශපාලන අංශ ප්‍රධානී/ නියෝජ්‍ය නියෝජිත ප්‍රධානී ගලිජා අගිසේවා (Ms. Galija Agiševa, Head of Political Section/ Deputy Head of Delegation, EU Delegation Colombo), යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ASIAPAC.6 අංශයේ ශ්‍රී ලංකාව සඳහා නිලධාරී ඈන් වැන්හවුට් (Ms Ann Vanhout, Desk Officer for Sri Lanka, ASIAPAC.6 Division, European External Action Service) , යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ කොළඹ සහයෝගිතා ප්‍රධානී ජොහාන් හෙසේ මහතා ( Mr. Johann Hesse, Head of Cooperation, EU Delegation Colombo) යුරෝපීය කොමිසමේ INTPA අධ්‍යක්ෂ ජනරාල් කාර්යාල නිලධාරී පීටර්ස් තියඩෝර් ( Mr. Petros Theodorou, Desk Officer, DG INTPA, European Commission) සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහභාගි විය.