බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට තුනෙන් දෙකක ජයක්

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් Bangladesh Nationalist Party (BNP) පක්ෂය පාර්ලිමේන්තු ආසන 300න් 209ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පක්ෂ නායකත්වයට සම්බන්ධව සිටින  තාරික් රහ්මාන් (Tarique Rahman) බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව සඳහන් වේ.

2024 වසරේ දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව පැවැත්වූ පළමු මහ මැතිවරණය මෙය වේ. නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත්කර ගැනීමත්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමත් මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු ලෙස සැලකුණි.

එමෙන්ම, එරට ඉතිහාසයේ ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වූ පළමු අවස්ථාව ලෙසද මෙම මැතිවරණය සටහන් විය.

කෙසේ වෙතත්, ධුරයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට( Awami League) පක්ෂයට මෙවර මැතිවරණයට තරග කිරීම තහනම් කර තිබූ බවද වාර්තා වේ.