16ට අඩු පෘතුගාලයේ දරුවන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය තහනම්!

Social media is banned for children under 16 without permission in Portugal!

සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් බාලවයස්කාර දරුවන්ට සිදුවන බලපෑම් අවම කිරීමේ අරමුණින් පෘතුගාල පාර්ලිමේන්තුව විසින් නව පනතක් සම්මත කර තිබෙනවා.

එමස් පනතට අනුව වයස අවුරුදු 16ට අඩු දරුවන් Instagram, TikTok සහ Facebook වැනි සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමේදී දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ නිල අවසරය ලබා ගැනීම අනිවාර්ය වන අතර සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවෙකු ගිණුමක් ආරම්භ කිරීමේදී දෙමාපිය අවසරය ලබාගෙන ඇති බව තහවුරු කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් (Verified Parental Consent) සකස් කළ යුතුය.

දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම, දත්ත රහස්‍යභාවය තහවුරු කිරීම සහ සයිබර් හිරිහැරවලින් (Cyberbullying) ඔවුන් මුදාගැනීම මෙහි මුලික අරමුණ වන අතර මෙම නීති කඩ කරන සමාජ මාධ්‍ය ජාලයන්ට එරෙහිව දැඩි දඩ මුදල් පැනවීමට ද මෙම පනත මගින් බලය ලබා දී තිබේ.