ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතයේ ආර්ථික බලපෑම සහ සෞඛ්‍ය බලපෑම පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල සමාජ මාධ්‍ය ගිනුමක සටහන් කර තිබිණි.
එම තොරතුරු මගින් අනාවරණය කරන්නේ මත්පැන් භාවිතය නිසා ලොව පුරා වසරකට මිලියන 3ක මරණ සිදුවන අතර, ශ්‍රී ලංකාව තුළ දිනකට වළක්වා ගත හැකි මරණ 50ක් (වසරකට 15,000 – 20,000) සිදුවන බවයි.
2022 වසරේදී රජය මත්පැන් බදු මගින් රු. බිලියන 165ක් උපයා ඇති නමුත්, රෝගී වූවන්ට ප්‍රතිකාර කිරීමට සහ අනෙකුත් හානි පියවීමට රු. බිලියන 237ක් වැය වී ඇත බවයි. ඒ අනුව මත්පැන් බදු ආදායමට වඩා 1.4 ගුණයක වැඩි හානියක් රටේ ආර්ථිකයට සහ සෞඛ්‍ය පද්ධතියට වාර්ෂිකව සිදුවේ.