හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා එළැඹෙන 20වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.