තැපෑලට හුස්මක්

Sri Lanka Postal Department

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ (Sri Lanka Postal Department) ප්‍රවාහන ජාලය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 590කට අධික වටිනාකමකින් යුත් නව ලොරි රථ 10ක් සහ කැබ් රථ 20ක් ඊයේ (12) සේවයට එක් කර තිබෙනවා.

මෙම රථවාහන සහ උපාංග සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී සේවයට එක් කළ අතර ලොරි රථ සහ කැබ් රථවලට අමතරව තැපැල් සේවකයින් සඳහා නව බයිසිකල් සහ මධ්‍යම තැපැල් හුවමාරුවට සූර්ය බලශක්ති පද්ධතියක් ද දී හඳුන්වා දී තිබෙනවා.

තැපැල් සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීමට නව සේවකයින් 2,800ක් බඳවා ගැනීමටද සැලසුම් කර ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම උත්සවයේ දී ප්‍රකාශ කර තිබෙනනේ.