කුමන අවාසිදායක තත්ත්වයක දී වුවත් ස්වකීය මතය වෙනුවෙන් පෙනී සිටිමින් එහි ලාබ පාඩු එකලාව විඳ සිනාසුනු මිනිසුන් අල්ප ය. උපුල් ශාන්ත සන්නස්ගල යනු එවැන්නෙ කි. දශක ගණනාවක් තිස්සේ වැඩවසම් ඔළුගෙඩි, ඔහුගේ කුළුගෙඩි පහරවලින් සුන්බුන් ව ගිය අතර ජාතිවාදය,වර්ගවාදය සහ ආගම්වාදය කරපින්නාගත් වියරු සමාජයක දී පවා හෙතෙම නොසැලී ස්වකීය මානවවාදී ආස්ථානය සුරක්ෂිතව බේරා ගත්තේ ය.

වියරුවට පාවඩ එලන බිමක ප්‍රේමයම මැතිරීමේ සාපය හෙවනැල්ලක්ව ඔහු පපුපස ලුහුබඳිත්දීත් ඔහු ප්‍රේම සජ්ඡායනාවම මැතිරී ය. එවන් ප්‍රේම මැතිරිල්ලක් සමඟ විසිපස් වසක් තිස්සේ ඔහු නගින ලද කල්වාරියේ මුදුනත ක සිට හැරී බලයි. ඒ අලුත් පියවර තබමින් ඔබත් එත්දැයි කියා යි.
නංදෙසින් පැමිණෙන ප්‍රේමයට කැමති, ප්‍රේමයම පතන, ප්‍රේමයෙන්ම හුස්ම ගන්න මිනිසුන් තනි මංසලක හමුවන දවස පෙබරවාරි 14. වෙලාව 6.30. තැන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය.
වීඩියෝවේ රූප ඇඹිල්ල – වාසල ඒකනායක
(මහනුවර අපේ සිංහල පන්තිය)
වචන ලියවිල්ල – රංජිත් කුමාර සමරකෝන්
(මහනුවර අපේ සිංහල පන්තිය)
හඬ සැරසිල්ල – සංජය ඈපා සෙනෙවිරත්න
(නුගේගොඩ අපේ සිංහල පන්තිය)
ඩිජිටල් කැපිල්ල – තරිඳු සෙනෙවිරත්න
(ඔන්ලයින් අපේ සිංහල පන්තිය)
ප්‍රවේශපත්‍ර සඳහා පිවිසෙන්න – www.ticketcounter.lk
– වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න – https://www.facebook.com/share/1Gbocd2ERp/
– Trailer