නීතීඥයෝ වැඩ වරද්දී ජාජබ නීතීඥයින්ගෙන් නිවේදනයක්

lawyers offices kandy sri lanka 1992 a1tpd8

දිවයින පුරා සියලු ම නීතිඥයින් හෙට (පෙබ. 16) අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අද (පෙබ. 15) පැවති මහසභා රැස්වීමේදී ය.

14ec7ac0 0972 11f1 b5e2 dd58fc65f0f6.jpg

වසර 14කට පසුව රැස්වූ මෙම මහා සභා රැස්වීම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මෙම මහා සභා රැස්වීමට නීතිඥයින් 3500ක් පමණ සහභාගී වූ බව ත් ඇතැම් පිරිස් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බව ත් ය.

මේ අතර,ඝාතනයට ලක්වූ නීතඥ බුද්ධික මල්ලවආරච් සහ ඔහුගේ බිරිඳගේ දේහ ගොඩමුණ – පිටිගල පිහිටි නිවස වෙත ගෙන ගෙනැවිත් තිබෙන බව පැවසේ. අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා ‘සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති නීතිඥවරයෙකු බවට පොලිසිය ප්‍රකාශ කර නැතැයි’ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබිණි.

කණ්ඩායම් 10ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත්,අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ද ඊට ඇතුලත් බවත් පැවසේ.

226a5390 0a24 11f1 b5e2 dd58fc65f0f6.png

වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවයි.

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථයක ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී නිලධාරීන් දැක ඇත්තේ අදාළ මෝටර් රථය ගිනි ගනිමින් තිබෙන බවය.

මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ අතර නීතිඥ බුද්ධික සහ බිරිඳගේ ඝාතනය ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයින්  නිවේදනයක් නිකුත් කර තිබේ.  

සිද්ධිය සම්බන්ධයෙන්  කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කොට අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්

සාහිසකයින්ගේ ප්‍රහාරයට ලක්ව 2026.02.13 දින අප අතරින් වියෝවූ බුද්ධික මල්ලවආරච්චි වෘත්තීය සහෝදරයා සහ ඔහුගේ බිරිඳගේ වියෝව පිලිබඳ ජාතික ජන බලවේගයේ නීතිඥයින් ලෙස අපි දැඩි සංවේගයට පත්වන්නෙමු.

පසුගිය පාලකයන් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය තුළත් ඉන් පිටතත් හඬ නගන මෙන්ම ඊට කැපවෙන ප්‍රජාවක් වෙතට එල්ලවූ එම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

දහවල් කාලය තුළ සාමාන්‍ය පුරවැසියන් ගැවසෙන වටපිටාවක ආයුධ සන්නද්ධව පැමිණ නිරායුධ පුරවැසියන් මරා දමන්නට දරුණු මැරවරයින්ට බලය හිමිවූ අඳුරු පරිච්ඡේදය හැකිතාක් ඉක්මනින් නිමා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වර්තමාන රජය එකී අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වන වේගයටත් වඩා වැඩි වේගයකින් කටයුතු කළ යුතු බව මෙකී සිදුවීම පසක් කරයි.

එයට හේතුව මෙකී සිදුවීමේ වින්දිතයා වන්නේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වීම හේතුවෙන් පමණක්ම නොව එය මෙරට පුරවැසියන් දෙදෙනෙකුට එල්ල වූ කුරිරු හා අමානුෂික ප්‍රහාරයක් නිසාවෙනි.

එමෙන්ම ප්‍රශ්නය තම පරිදියට ඇතුළු නොවන තාක් විචිත්‍ර සංකල්ප ගෙනහැර දැක්වීම කළ හැකි වුවද ප්‍රශ්නය තම පරිදියට පැමිණි පසු එහි බරපතළකම සේම ජීවිතය පිළිබඳව තැති ගැන්ම සියලු දෙනා කෙරෙහි පවතී.

මන්ද පාර රාජ්‍යයේ ලේ පිපාසිතයින්ගේ ඉලක්කය විටක මාධ්‍යවේදියෙකි. විටක පොලිස් නිලධාරියකි. විටක විනිසුරුවරයකි.

පසුගිය සිකුරාදා දිනයේදී පසක් කළේ එකී ඉලක්කය විටෙක නීතිඥවරක් වුවද විය හැකි බවයි.

එය හෙට කුමන වෘත්තියක් ඉලක්ක කර ගනු ඇත්ද යන්න උපකල්පනය කළ හැකි නොවේ.

නමුත් නිතැතින්ම නීතිඥවරු ලෙස අප පසක් කරන්නේ රාජ්‍යයට එකී වගකීමෙන් මිදිය නොහැක්කා සේම යුක්තිය පසිඳලීමේ සහ ඒ වෙනුවෙන් සිදු කරන විමර්ශන මෙන්ම පූර්ව අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදවල දැති රෝද අන් සැමදාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මකවීම සිදුවිය යුතු බවයි.

සියලු පුරවැසියන්ගේ ගෞරවය හා යහපත් ජීවිතයක් වෙනුවෙන් පත් කරන ලද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තම වගකීම ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

ශ්‍රී ලංකා පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය මෙකී ක්‍රියාව සම්බන්ධයෙන් නිසි උද්යෝගයෙන් යුතුව කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කොට අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සභාපති
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ