IMF ලොකු නෝනා අද දිවයින ට

kristalina georgieva imf 1200px 25 03 08 1024x576 1

දෙදින නිල සංචා­ර­යක් සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂිකා ක්‍රිස්ට­ලීනා ජෝර්ජි­යාවා මහ­ත්මිය අද (16) ශ්‍රී ලංකා­වට පැමිණේ. එළැ­ඹෙන 18 වැනිදා තෙක් මෙරට රැඳී සිටින ඒ මහ­ත්මිය සිය සංචා­රය අත­ර­තුර රජයේ ඉහළ පෙළේ නියෝ­ජි­ත­යන් හමුවී සාකච්ඡා කිරී­මට ද නිය­මි­තව ඇත.

ඊට අම­ත­රව ඒ මහ­ත්මි­යගේ ශ්‍රී ලංකා සංචා­රය අත­ර­තුර රජයේ බල­ධා­රීන් සහ අනෙ­කුත් පාර්ශ්ව­ක­රු­වන් සමඟ සම්බන්ධ වී දිට්වා සුළි කුණා­ටුවේ බල­පෑම සියැ­සින් දැක ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු වෙනු­වෙන් සහාය විය හැකි ආකා­රය සහ සිය­ලුම ශ්‍රී ලාංකි­ක­යන් සඳහා ශක්ති­මත් අනා­ග­ත­යක් ගොඩ­නැ­ඟී­මට උප­කාර කළ හැකි ආකා­රය සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරී­මට ද නිය­මි­තය.