පැතුම් කැංගරු සිහින සුන් කරයි, ශ්‍රී ලංකාව සුපිරි අටදෙනාගේ වටයට!

AUS vs SL

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ පැවැති තීරණාත්මක තරගයකදී ඕස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය කරමින් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතිවිශිෂ්ට ජයක් වාර්තා කළේය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයත් සමඟ ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 8 වටයට පිවිසීමට සමත් විය.


ඕස්ට්‍රේලියාව: ලකුණු 181 (ඕවර 20)

ශ්‍රී ලංකාව: ලකුණු 184/2 (ඕවර 18)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.

පැතුම් නිශ්ශංකගේ සුපිරි ඉනිම

ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය වූයේ පැතුම් නිශ්ශංකයි. ඔහු පන්දු 52කදී වේගවත් ශතකයක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම අසරණ කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් රැස් කළ අතර, අවසානයේ පවන් රත්නායක හතරේ පහරකින් තරගය නිමා කළේය.

hbs0xambcacp2vl

ඕස්ට්‍රේලියානු ඉනිම අඩපණ කළ පන්දු යැවීම

පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාවට ට්‍රැවිස් හෙඩ් (56) සහ මිචෙල් මාෂ් (54) ප්‍රබල ආරම්භයක් ලබා දුන්නද, මැදපෙළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

දුෂාන් හේමන්ත: ලකුණු 37කට කඩුලු 3යි.

දුෂ්මන්ත චමීර: ලකුණු 36කට කඩුලු 2යි.

මෙම පරාජයත් සමඟ ඕස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමකට මුහුණ දී සිටින අතර, ශ්‍රී ලංකාව තම මීළඟ අභියෝගය සඳහා සුපිරි 8 වටයට සූදානම් වෙයි.