මෙරට තුළ ‘මෙතම්පෙටමින්’ හෙවත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිවේදනය කර තිබේ. මෙම තත්ත්වය, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සහ නීතිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
මෙම මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම, සමාජයට සහ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥයින් නිරන්තරයෙන් පෙන්වා දෙන අතර දිනෙන් දින වැඩිවෙමින් පවතින මෙම භයානක තත්වය යටතේ සමාජයට සමාජය විසින්ම අවධාරණය කර සිටින්නේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු, අපරාධ ක්‍රියාකාරකම් සහ සමාජයීය වියවුල් වැළැක්වීම සඳහා පුළුල් පරාසයක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍යතාවයයි.
රජය සහ අනෙකුත් අදාළ ආයතන එක්ව, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විටත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.