මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය සහ සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා නිර් මාණය කරන ලද “Maize Stock” මාර් ගගත තොරතුරු පද්ධතිය සහ වෙබ් යෙදුමක් (Web App) කෘෂිකර් ම අමාත්‍යාංශයේදී කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වා තිබෙනවා.
මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය සහ සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම, රට තුළ පවතින බඩඉරිඟු තොග පිළිබඳ නිවැරදි දත්ත පවත්වා ගැනීම සහ ආනයනය සම්බන්ධයෙන් විද්‍යාත්මක තීරණ ගැනීම පහසු කිරීම මෙම නව පද්ධතියේ ප්‍රධාන අරමුණයි.






මෙම අවස්ථාවට සහබාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කියා සිටියේ.
“මෙම පද්ධතිය හරහා බඩඉරිඟු ක්ෂේත්‍රයේ විනිවිදභාවයක් ඇති වන අතර, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම හරහා ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද එකසේ ආරක්ෂා වන පරිසරයක් නිර් මාණය වන බවත් නිවැරදි දත්ත පද්ධතියට ඇතුලත් කරමින් බඩඉරිඟුගොවීන්, ග්‍රාමීය බඩඉරිඟු තොග රැස්කරන්නන් සහ ආහාර නිෂ්පාදකයින් ඇතුළු කර්මාන්තකරුවන්ට මෙම මාර් ගගත පද්ධතියට ලියාපදිංචි වීම ඉතාමත් වැදගත් බවත්ය”