ඇමෙරිකානු ප්‍රකෝටිපති ජෙෆ්රි එප්ස්ටයින්ගේ ආන්දෝලනාත්මක ලිපිගොනු හෙළිදරව් වීමත් සමග ලොව ප්‍රබලතම රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන් සහ බුද්ධිමතුන්ගේ නම් රැසක් මේ හරහා කරළියට පැමිණ ඇති අතර, ඉන්දීය දේශපාලනය මවිතයට පත්කරමින් වර්තමාන ඉන්දීය බලශක්ති අමාත්‍ය හර්දීප් සිං පූරිගේ නමද එම ලිගොනු අතර ප්‍රමුඛව සටහන් වී ඇත.
වේළුපිල්ලේ ප්‍රභාකරන්ව සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි හර්දීප් පූරි, අද තම දේශපාලන ජීවිතයේ දරුණුම අභියෝගයට මුහුණ දී සිටින්නේ අන්තර්ජාතික මට්ටමේ ලිංගික අපරාධකරුවකු ලෙස හංවඩු ගැසුණු එප්ස්ටයින් සමග පැවැත්වූවා යැයි කියන සබඳතාවක් හේතුවෙනි.
අද වනවිට භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයකු මෙන්ම නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු වන හර්දීප් සිං පූරි
1984 සිට 1988 දක්වා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම්වරයා ලෙස සේවය කළේය.
… රජිව් ගාන්ධි සමඟ සාකච්ඡා කිරීම සඳහා ප්‍රභාකරන් දිල්ලියට ගෙන ඒමට පෙර, හර්දීප් පූරි විසින් ප්‍රභාකරන් සහ ඔහුගේ සගයන් සහ ඉතා ජ්‍යෙෂ්ඨ LTTE හිතවතුන් කිහිප දෙනෙකු සමඟ ගිවිසුමේ විස්තර සාකච්ඡා කර තිබුණි,” ඩික්සිත් මහතා සිය පොතේ ලියා තිබේ.
ගිවිසුම අත්සන් කිරීමට පෙර, ප්‍රභාකරන්, එල්ටීටීඊ දේශපාලන කමිටුවේ සාමාජිකයින් සිව්දෙනෙකු සහ ප්‍රභාකරන්ගේ බිරිඳ සහ දරුවන් ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් මදුරාසිය හරහා දිල්ලියට ගෙන ඒම සංවිධානය කිරීමේ වගකීම ද පූරි මහතාට පැවරී තිබුණි. ගිවිසුමේ යෝජනා සමඟ ඔහු එකඟ වුවත් නැතත්, යාපනයට ආපසු යාමේදී ආරක්ෂිතව කටයුතු කරන බවට ඉන්දීය නිලධාරියා විසින් ප්‍රභාකරන්ට නිශ්චිත සහතිකයක් ලබා දෙන ලදී.

එය ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය දරුණු ලෙස ඇවිළී ගිය යුගයකි. එකල කොළඹ සිටි ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත් මහතා සිය Assignment Colombo කෘතියේ සටහන් කරන පරිදි, 1987 ඉන්දු-ලංකා සාම ගිවිසුම අස්සන් කිරීමේ තීරණාත්මක සාකච්ඡා මෙහෙයවූ ප්‍රධාන නළුවා වූයේ පූරිය. ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකාවේ සාමය ඇති කිරීමට උත්සාහ කළ ඒ යුගයේ, එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග ඍජුව ගනුදෙනු කිරීමේ වගකීම පැවරී තිබුණේ ඔහුටය.

ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ ප්‍රභාකරන් සහ ඔහුගේ සගයන් සමග රහසිගතව සහ නිල වශයෙන් සාකච්ඡා පවත්වමින්, ඔවුන්ව නවදිල්ලියට ගෙන්වා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කළේ හර්දීප් පූරි විසිනි.
සාම ගිවිසුම අස්සන් කිරීමට පෙර ප්‍රභාකරන්ව සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා මගින් මදුරාසිය හරහා දිල්ලියට රැගෙන යාමේ සම්පූර්ණ සංවිධාන කටයුතු සිදුකළේ පූරිය.
හෙතෙම බැසිල් රාජපක්ෂ දමගද සමීප සබදතා පවත්වා ඇත.

විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, 2014 ජුනි මාසයේදී ආරම්භ වූ පූරි මහතා සහ වරදකරු වූ ලිංගික අපරාධකරු ජෙෆ්රි එප්ස්ටයින් අතර විද්‍යුත් තැපැල් හුවමාරුවලදී, හොෆ්මන් මහතාට ඉන්දියාවට සංචාරයක් සංවිධානය කිරීම සඳහා ලින්ක්ඩ්ඉන් හි සම-නිර්මාතෘ රීඩ් හොෆ්මන් ගැන එප්ස්ටයින් මහතාට ලියා තිබේ. ඊමේල් හුවමාරුවකින් පසුව, පූරි මහතා අලුතින් තේරී පත් වූ මෝඩි රජය යටතේ ඉන්දියාවේ ආර්ථික සැලසුම් ඉදිරිපත් කරමින් එප්ස්ටයින් සහ හොෆ්මන්ට ඉන්දියාවේ ආයෝජන අවස්ථා සඳහා සවිස්තරාත්මක තර්කයක් ලිවීය.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටියද, පූරි මහතා කිසිදු වරදක් ප්‍රතික්ෂේප කර ඇති අතර, වරදකරු වූ ලිංගික අපරාධකරුවෙකු වන එප්ස්ටයින් සමඟ ඔහුගේ අන්තර්ක්‍රියා දැඩි ලෙස ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ බව ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය.