ඉන්දියාව සම්බන්ධයෙන් තිබුණ පැරණි මතය වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බව ජවිපේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. පහුගියදා ඉන්දියාවේ සංචාරයක් නිමවා පැමිණ එරට ප්රමුඛතම පුවත්පතක් වන The Hindu සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේබව පවසයි. ඉන්දියාවේ සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව, හවුල්කාරිත්වය සඳහා ඇති ඉඩකඩ පිළිබඳ ටිල්වින් සිල්වා මෙම සම්මුඛ සාකච්ඡාවේදී අදහස් පලකර ඇත.