mexico මෙහෙයුම සහ El Mencho ඝාතනය

The Mexican operation to kill El Mencho

මෙක්සිකෝවේ වඩාත්ම බලගතු අපරාධ කල්ලියක් වන ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලය වන CJNG කල්ලිය මෙහෙයවූ එල් මෙන්චෝ (El Mencho) ඇමරිකා එක්සත් ජනපදය සහභාගී වූ විශේෂ මෙහෙයුමකදී ඝාතනය කෙරුණේ බටහිර මෙක්සිකෝවේ තපල්පා (Tapalpa) නගරයේදීය.

gemini generated image le1g6wle1g6wle1g (1)

මෙක්සිකානු විශේෂ බලකාය සහ ගුවන් හමුදාව එක්ව එල් මෙන්චෝ අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහුට බරපතල තුවාල ලැබූ බවත් හෙලිකොප්ටර් යානයකින් ඔහුව මෙක්සිකෝ නගරය වෙත රැගෙන යමින් සිටියදී මියගිය බවත් එරට ආරක්ෂක අමාත්‍යාංශ ඊයේ (23) දිනයේදී තහවුරු කළේය.

මෙම මෙහෙයුම සඳහා පුර්ණ වශයෙන් අමෙරිකානු බුද්ධි අංශවල සහයෝගය ලැබී ඇති අතර, ඔහු අල්ලා දීමට අමෙරිකානු ඩොලර් මිලියන 15ක ත්‍යාගයක්ද පිරිනමා තිබන බව මෙක්සිකානු රජය විසින් නිවේදනය කර තිබිණි.

කෙසේ වෙතත් මෙම තත්වය මත වර්තමානය වන විට රට පුරා පැතිරෙන ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වන අතර එල් මෙන්චෝගේ මරණයත් සමඟ ඔහුගේ කාටලයේ සාමාජිකයන් රටේ ප්‍රධාන නගර කිහිපයකම කලබලකාරී තත්ත්වයක් ඇති කර තිබේ.

කාටල සන්නද්ධ සාමාජිකයන් විසින් වාහන ගිනිබත් කර මාර්ග අවහිර බැංකු සහ පොදු ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල කර ඇති අතර ග්වාඩලජාරා (Guadalajara) සහ පුවර්ටෝ වල්ලර්ටා (Puerto Vallarta) යන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් තාවකාලිකව වසා දමා සියලුම ගුවන් ගමන් මේ වන විට අත්හිටුවා ඇත.

විවිද තොරතුරු වාර්තා වුවද ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සෙබළුන් 25 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 40කට අධික පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දහස් ගණන් සංචාරකයින් හෝටල් තුළට වී රැකවරණය පතා සිටින අතර, අමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස නිවේදනය කරයි.

මෙක්සිකෝවේ වත්මන් ජනාධිපතිනී ක්ලෝඩියා ෂීන්බෝම් (Claudia Sheinbaum) ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව සිටින ලෙසත් මේ වන විට රටේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය පාලනය කර ඇති බවත්ය. නමුත් මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා එම ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝකයටම පිළිලයක් වී තිබූ අපරාධ කල්ලි නායකයෙකු නිහඬ කිරීම ලෝකයටම ලැබුණු විශාල ජයග්‍රහණයක් බව අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් ලැන්ඩෝ (Christopher Landau) ප්‍රකාශ කර තිබෙන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ද මෙම මෙහෙයුම අගය කරමින් පවසා ඇත්තේ මෙය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලැබූ විශාල ප්‍රගතියක් බවයි.

2009 වසරේදී ආරම්භ වූ CJNG අපරාධ කල්ලිය කෙටි කලකින් මෙක්සිකෝවේ ප්‍රාන්ත 32න් 28කම තම බලය ව්‍යාප්ත කිරීමට සමත් වූ අතර මොවුන් සතුව රොකට් විදින (RPGs), සන්නද්ධ වාහන සහ කුලී හමුදාවක් ද සිටිති. මීට පෙර ඔවුන් මෙක්සිකානු හමුදා හෙලිකොප්ටරයක් පවා වෙඩි තබා බිම හෙළා ලදි. CJNG අපරාධ කල්ලිය ප්‍රධාන වශයෙන් අමෙරිකාවට ෆෙන්ටැනයිල් (Fentanyl) සහ මෙතම්පෙටමින් (Meth) ප්‍රවාහනය කරන ප්‍රධානම ජාලයයි.

විචාරකයින්ගේ අදහස්

එල් මෙන්චෝගේ මරණය මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය යුද්ධයේ අවසානය නොවන බවත් මෙය නව අදියරකින් ආරම්භ වීමේ අවධානමක් පවතී.

එල් මෙන්චෝ යනු ඉතා තදින් කල්ලිය පාලනය කළ නායකයෙකි. ඔහුගේ ඇවෑමෙන් පසු කල්ලිය තුළ නායකත්වය සඳහා විවිධ කණ්ඩායම් අතර ගැටුම් ද ඇති විය හැක. එල් මෙන්චෝගේ ප්‍රතිවාදී කල්ලිය වන ‘එල් චැපෝ’ගේ සිනලෝවා කාටලය (Sinaloa Cartel), මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන CJNG සතු ප්‍රදේශ අත්පත් කර ගැනීමට උත්සාහ කරනු ඇත. මෙය නගර මැද මහා පරිමාණ වෙඩි හුවමාරුවලට මඟ පාදයි. මෙම තත්වය යටතේ රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් කාටල සාමාජිකයන් ප්‍රහාර එල්ල කිරීමේ දැඩි අවදානමක් පවතී.