කොදෙව් ආධිපත්‍යයෙන් ඉන්දියාව කැළඹේ

spo (28) 1771868459989

සුපිරි-8 අදියරේදී, පළමු කාණ්ඩයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් ඇතුළත් අතර ශුද්ධ ලකුණු අනුපාතය ඉන්දියාවේ ඉදිරි මාවත ඉතා දුෂ්කර කර ඇත.

මෙම කණ්ඩායම් 4 ම එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇත. බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇති අතර ඉන්දියාව සහ සිම්බාබ්වේ එක් පරාජය බැගින් ලබා ඇත.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 5.35ක ශුද්ධ ලකුණු අනුපාතයක් (NRR) සමග පළමු කාණ්ඩයේ ඉහළින් ම සිටියි.

දෙවන ස්ථානයේ පසුවන්නේ, ශුද්ධ ලකුණු අනුපාතය 3.80ක් ලබා සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම යි.

ඉන්දියාව -3.80 ක ශුද්ධ ලකුණු අනුපාතයක් සමග තුන්වන ස්ථානයේ සිටින අතර සිම්බාබ්වේ -5.35ක් සමග අවසාන ස්ථානයේ පසුවේ.ඉන්දියාවට අර්ධ අවසන් පූර්ව වටයට එන්න ලැබෙන්නේ අහමදාබාද්වලදී දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළොත් පමණ යි. දකුණු අප්‍රිකාව පැරදුණොත්, සිම්බාබ්වේ, කරුණාකර දකුණු අප්‍රිකාව පරාජය කරන්න සිදුවෙන තත්වයක් උද්ගතව තිබේ.මෙම තරගාවලිය පුරාවට ආධිපත්‍යය දරන්නේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි.

ඔවුන් ස්කොට්ලන්තය ලකුණු 35කින්, එංගලන්තය ලකුණු 30කින්, නේපාලය කඩුලු 9කින්, ඉතාලිය ලකුණු 42කින් සහ සිම්බාබ්වේ ලකුණු 107කින් පරාජය කර තිබේ.