ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක්” ගාල්ල වරායේ සිට නාවික සැතපුම් “40ක් පමණ දුරින් අනතුරට” ලක්ව ඇති අතර,ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ඇති “සමුද්‍රීය වෙළෙඳ කලාපයේදී” මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව තහවුරු කර තිබේ.ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එහි කාර්ය මණ්ඩල මුදා ගැනීම සඳහා අදාළ මුහුදු කලාපය වෙත යොමු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පවසා ඇත.මෙම සිදුවීම වාර්තා වන මුහුදු කලාපයේ නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොමු කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් නලින් වැවකුඹුර බීබීසී සිංහල වෙත සඳහන් කළේ ය.