මැදපෙරදිග ශ්‍රීලාංකිකයින්ගේ නවතම තොරතුරු මෙන්න

647599757 10225513086934271 1579454598419532342 n

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපය තුළ ඇතිව තිබෙන අර්බුධකාරී තත්ත්වය තුළ තානාපති කාර්යාලය නිරන්තරයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයික් වෙනුවෙන් කැපවී සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අරුෂා කුරේ මහත්මිය කියා සිටියි.

ඇය නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික මහත්ම මහත්මීනි,
ඔබ සහ ඔබගේ පවුල් ආරක්ෂිතව හා හොඳින් සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපය තුළ ඇතිව තිබෙන අර්බුධකාරී තත්ත්වය තුළ තානාපති කාර්යාලය නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් කැපවී සිටින බව මතකයේ තබාගන්න.
ඔබට කිසියම් සහායක් හෝ මග පෙන්වීමක් අවශ්‍ය නම්, පහත සඳහන් දුරකථන අංකවලින් අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න:

සාමාන්‍ය විමසීම්: +971509318538
කොන්සියුලර් ගැටළු: +971507327153 SLBFE: +94 11288050 / WhatsApp: +94719802822
සියලු දෙනා ආර්ක්ෂිතව සිටිනු ඇතැයි මා විශ්වාස කරමි.

ආචාර්ය අරුෂා කුරේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති