ලංවිම ඈවර කරන නිවේදනය එයි.

ලංවිම 840x473

2026 මාර්තු 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරමින්, අනුබද්ධ සමාගම් හයක් පිහිටුවීමට කටයුතු කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි නිකුත් කර තිබෙනවා.

ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුබද්ධ සමාගම් හයක් පිහිටුවීමට විධිවිධාන පනවා තිබෙන බව පැවසෙනවා.

සමහර නිශ්චිත වගන්ති හැර, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ අනෙකුත් විධිවිධාන 2026 මාර්තු 9 වැනි දින සිට බලාත්මක වන අතර එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන බවයි පැවසෙන්නේ.

2025 වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කරනු ලැබීය.